මැයි මාසයේදී විදේශගත ශ්‍රමිකයන් මෙරටට ඩොලර් මිලියන 480 කට වැඩි මුදල් ප්‍රමාණයක් එවා ඇති බව කම්කරු හා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ මේ වසරේ ගත වූ කාලය තුල ශ්‍රමිකයින්ගෙන් ඩොලර් මිලියන 2307.02 ක් මෙරටට ලැබී ඇති බවයි.
ගිය වසරට සාපේක්ෂව මේ වසරේදී විදේශ ශ්‍රමිකයන් එවනු ලබන මුදල් ප්‍රමාණය තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව ද එම අමාත්‍යාංශය සඳහන් කළා.