කොච්චිකඩේ පල්ලියට මුස්ලිම් ඇඳුමෙන් යන්න හැදූ පුද්ගලයෙක් පෙරේදා (08) වෙරළබඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ පුද්ගලයා මාතලේ අගලවත්ත ප්රදේශයේ ස්ථීර පදිංචියක් සහ කොළඹ – මට්ටකුලිය ප්රදේශයේ තාවකාලික පදිංචිව සිටින 46 හැවිරිදි පුද්ගලයෙක්.
මෙම පුද්ගලයා සතුව හැදුනුම්පත් දෙකක් තිබී ඇති අතර එක් හැදුනුම්පතක නම ඇන්ටන් ලෙසත් අනෙක් හැදුනුපතේ ඉමිතියාස් ලෙසත් සඳහන්ව තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.
පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ මෙම සැකකරු පොලිසිය සමඟ බහින්බස් වීමක්ද ඇති කර ගත් බවයි.
පියා කිතුනු භක්තියෙකු බවත් පියාගේ වියෝවෙන් පසු මව වෙනත් කසාදයක් කර ගත් බවයි සැකකාර පුද්ගලයා පොලිසිය හමුවේ ප්රකාශ කර ඇත්තේ.