සෑම වසරකම මිලියන 3.2 ක ජනතාවක් දූෂිත ඉන්ධන සහ තාක්ෂණ භාවිතය නිසා ඇතිවන රෝගවලින් මියයන බව අනාවරණ වී තිබෙනවා.
ඒ ලෝක සෞඛ්‍ය සංවිධානය කළ සමීක්ෂණයක් මගින්.
මෙම තත්ත්වය දිගින් දිගටම පැවතුනහොත් 2030 වසරේදී බිලියන 1.9 ක ජනතාවකට පිරිසිදු ආහාර වේලක් පිලියෙල කිරීමේ අවස්ථාව ද අහිමිවිය හැකි බව එම සමීක්ෂණ වාර්තාවේ සදහන්.
විශ්වාසනීය, තිරසාර සහ නවීන බලශක්තිය සදහා ප්‍රවේශය සහතික කිරීම උදෙසා නිර්මාණය කර ඇති සංවර්ධන ඉලක්ක හතේ ප්‍රගතිය සම්බන්ධයෙන් ජගත් සංවිධානය විසින් තම හවුල්කාර සංවිධාන සමග එක්ව පැවති විශ්ලේෂණයකදියි මේ බව අනාවරණ වී ඇත්තේ.