අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මධ්‍යස්ථාන තුනක වංචා සිද්ධීන් තුනක් වාර්තා වී ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කරනවා.
බිබිල වෙල්ලස්ස ජාතික පාසලේ පිහිටි විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටි අපෙක්ෂිකාවක් සිය ජංගම දුරකතනයෙන් ගණිත ප්‍රශ්න පත්‍රය ගුරුවරයකුට යවා whatsApp මාර්ගයෙන් පිලිතුරු ලබාගෙන ඇති බවට අනාවරණය වූ බව කොමසාරිස්වරයා ප්‍රකාශ කළා.
හේනේගම මහා විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේ දී අපෙක්ෂකයන් දෙදෙනකු ජංගම දුරකතන භාවිතයෙන් ගණිත ප්‍රශ්න පත්‍රය වෙන් වෙන් වශයෙන් ගුරුවරුන් වෙත යොමුකර පිළිතුරු ලබා ගැනීමට යාමේදී නිරීක්ෂකවරයකු සිද්ධිය දැක තිබෙන බවට ද වාර්තා වී තිබෙනවා.
එමෙන්ම සීදුව ද්විස්මර විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේ දී අපේක්ෂකයන් පස් දෙනකු සමාජ මාධ්‍ය භාවිතයෙන් ගණිතය ප්‍රශ්න පත්‍රය ගුරුවරුන් වෙත යොමු කර පිළිතුරු ලබා ගැනීමේ සිද්ධියක් වාර්තා වූ බවයි විභාග කොමසාරිස්වරයා සඳහන් කළේ.