රුපියල් අට කෝටියකට අධික වටිනාකමින් යුත් රත්රන් මෙරටට රැගෙන ඒමට උත්සාහකළ විදෙස් ජාතිකයෙක් කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
එම සැකකරු ප්‍රංශ ජාතිකයෙක් වන අතර ඔහු කිලෝග්‍රෑම් 4.611ක් බරැති රත්රන් තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙනඒමට උත්සාහ දරා තිබුණි.
එම පුද්ගලයාව ශ්‍රී ලංකා රේගුවේ මැණික් සහ ස්වර්ණාභරණ තක්සේරු අංශයේ සහ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා විය.
35 හැවිරිදි මෙම ප්‍රංශ ජාතිකයා මීට පෙර අවස්ථා කීපයකදීම ශ්‍රී ලංකාවට පැමිණ තිබූ අතර , මෙවර ඔහු පැය 24ක කාලයක් සදහා පමණක් මෙරටට පැමිණීම සැලකිල්ලට ගනිමින් ඔහුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී මෙම රත්රන් තොගය හමුවී තිබුණි .
මේ පිළිබඳව සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව එම රත්රන් තොගය රාජසන්තක කළ අතර මෙම ප්‍රංශ ජාතිකයාට රුපියල් කෝටි 07ක දඩ මුදලක් ගෙවන ලෙස ද නියෝග කර තිබේ .
මෙම දඩ මුදල ගෙවීමට මෙම ප්‍රංශ ජාතිකයා අසමත්වීමත් සමග ඔහුව මීගමුව වැඩබලන මහෙස්ත්‍රාත් ඉන්දික ද සිල්වා මහතා වෙත ඉදිරිපත් කෙරිණි.
එහිදී සැකකරුව ජූනි 08 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබුණි.