පොසොන් සතිය හෙට (31) සිට ආරම්භ වීමට නියමිතය.
ඒ අනුව හෙට සිට ලබන මස 06 වනදා දක්වා මිහින්තලය, අටමස්ථානය සහ තන්තිරිමලය කේන්ද්‍රකර ගනිමින් පොසොන් උත්සවය පැවැත්වීමට සැලසුම් කර ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා සඳහන් කළේය.
පොසොන් සතිය තුළ දිස්ත්‍රික්කයේ සියලුම සුරාසැල් වසා දමන බව ද ඒ මහත පැවසීය.
එමෙන්ම පළාත් පාලන කොමසාරිස්වරයා විසින් මේ සතිය තුළ මස් මාංශ වෙළෙඳසැල් වසා තබන ලෙස නියෝග කර ඇතැයි ද පැවසු ජයසුන්දර මහතා මෙම ප්‍රදේශයන්ට මත්පැන් රැගෙන ඒමෙන් වළකින ලෙස ද ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
එමෙන්ම පොසොන් උත්සවය සැණකෙළියක් නොකරගත යුතු යැයි ද පැවසු ඒ මහතා, රජය දැඩි මුල්‍ය අපහසුතාවයකින් වුවත් ජනතාවගේ පහසුව වෙනුවෙන් කටයුතු සුදානම් කර ඇතැයි ද පැවසීය.