මෙරට ප්‍රමුඛතම ඇඟළුම් අපනයනකරුවකු වන Hirdaramani සමූහය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ සිය සමාගමට අයත් ඇඟළුම් කර්මාන්තශාලාවක් වන මීපේ හි පිහිටි MRC ඇසෝෂියේට්ස් ගාමන්ට් පුද්ගලික සමාගම වසා දැමීම සම්බන්ධයෙන් මෑත කාලීනව පළ වී ඇති මාධ්‍ය වාර්තා නිවැරදි කිරීම පිණිස Hirdaramani සමූහය විසින් මෙම නිවේදනය නිකුත් කරනු ලබන බවයි සඳහන්.
මෙම කර්මාන්තශාලාව වසා දැමීමේ තීරණයට ප්‍රධාන ලෙස හේතු වූ කාරණාව වශයෙන් වර්තමානයේ පවතින ගෝලීය ආර්ථික තත්ත්වය හේතුවෙන් ප්‍රධාන වෙළෙඳපොළවල ඇඟළුම් සම්බන්ධයෙන් පවතින ඉල්ලුම අඩුවීම බවයි ඔවුන් පවසන්නේ.
ඒ අනුව ගෝලීය ඉල්ලුම පහළ යාම හමුවේ සිය ධාරිතාවය අඩුකිරීම සඳහා, මෙය ගනු ලැබූ තාවකාලික ක්‍රියාමාර්ගයක් පමණක් බවත්, ඉදිරියේ දී සියලු තත්ත්වයන් සාමාන්‍යකරණය වීම මත නැවත අදාළ කර්මාන්තශාලාවේ කටයුතු ඇරඹීමට අපේක්ෂා කරනු ලබන බවත් ඔවුන් එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කරනු ලබනවා.
තවද මෙම කර්මාන්තශාලාවේ සේවයේ යෙදුණු කාර්ය මණ්ඩලය දිවයිනේ පිහිටි සිය වෙනත් කර්මාන්තශාලාවලට අනුයුක්ත කර ඇති බවත්, Hirdaramani සමූහයට ශ්‍රී ලංකාවේ සමස්ත නිෂ්පාදන ධාරිතාව අඩු කිරීමට කිසිදු අදහසක් නොමැති බවත්, රට තුළ ඇඟලුම් ක්ෂේත්රයේ වර්ධනය නඟා සිටුවීමේ දිගුකාලීන උපාය මාර්ගයේ කොටසක් ලෙස අඛණ්ඩව ආයෝජනය කිරීමට සහ පුළුල් කිරීමට තම සමූහය කැපවී සිටින බවත් එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා.