නුවරඑළිය – හාවාඑළිය ගාඩ්වත්ත රක්ෂිතයට දර සෙවීම සඳහා ඇතුල් වූ පුද්ගලයෙකු නැවත නිවසට නොපැමිණ අතුරුදහන්වී ඇති බවට නුවරඑළිය පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.
අතුරුදහන් වූ පුද්ගලයා වයස අවුරුදු 49 ක් වූ භාවාඑළිය ප්රදේශයේ පදිංචිකරුවෙක්.
නුවරඑළිය පොලිස් ස්ථානයේ නිලධාරීන්, යුධ හමුදාව සහ ප්රදේශවාසීන් එක්ව අතුරුදහන් වූ පුද්ගලයා සොයා රක්ෂිතය තුළ මෙහෙයුම් දියත් කර ඇති බවයි අප ප්රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.
එහිදී රක්ෂිතය මැද තිබී අතුරුදහන් වූ අයගේ යැයි සැක කරනු ලබන පාවහන් යුගලක් හා කබායක් හමු වී තිබෙනවා.
අතුරුදහන් වූ පුද්ගලයා මේ වන තෙක් සොයාගෙන නොමැති අතර නිළ සුනඛයින්ගේ සහාය ඇතිව තවදුරටත් සෝදිසි මෙහෙයුම් සිදු කරන බවයි නුවරඑළිය පොලිසිය සඳහන් කළේ.