දික්වැල්ල ප්රදේශයේ මුහුදු තීරයේ ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයෙකු ඔරුව පෙරළී අතුරුදන්ව තිබෙනවා.
ඊයේ (21) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති අතර මොහු සමඟ සිටි තවත් ධීවරයෙකු ඔරුව පෙරළුණ අවස්ථාවේ පිහිනා ගොඩට පැමිණ ඇති බව දික්වැල්ල පොලීසිය සඳහන් කරනවා.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම ඔරුව පෙරළී ඇති බව වාර්තා වී ඇත්තේ.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ 64 හැවිරිදි කොරටුව – බතීගම ප්රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් දික්වැල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.