කාන්තාවන්ගේ සම පැහැපත් කරන ආලේපන ක්‍රීම් වර්ග යැයි පවසා මෙරට නිෂ්පාදනය කරන ලද ප්‍රමිතියෙන් තොර කීම් වර්ග ඇසුරුම් කරන කොටහේන එල් බි පෙරේරා මාවතේ ස්ථානයක් වැටලූ බව පාරිභෝගික කටයුතු අධිකාරියේ හදිසි වැටලීම් ඒකකය පවසනවා.
ප්‍රමිතියෙන් තොර ක්‍රීම් වර්ග ඇසුරුම් කරන බවට පොලිස් විශේෂ කාර්යාංශයට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර තිබෙන අතර පාකිස්ථානයෙන් ආනයනය කරන ලද ක්‍රීම් වර්ග යැයි පවසා මෙරට නිෂ්පාදනය කරන ලද කීම් වර්ග මෙම ස්ථානයේ ඇසුරුම් කරන බවට වැටලීමේදී අනාවරණය වී තිබෙනවා.
වැටලීම කරන අවස්ථාවේදී සේවිකාවන් පිරිසක් කීම් වර්ග ඇසුරුම් කරමින් සිට ඇථි අතර එම ස්ථානයේ තිබූ ක්‍රීම් වර්ගවලට මුද්‍රා තබා හිමිකාරිය සහ තවත් පුද්ගලයකුට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට අවශ්‍ය කටයුතු කරන බවයි පාරිභෝගික කටයුතු අධිකාරිය පවසන්නේ.