බාල වයස්කාර දැරියන් හතර දෙනෙකු අපයෝජනය කළ එම දැරියන්ගේ පියවරුන් දෙදෙනෙකු පොලිසිය විසින් පසුගිය (17) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
චුන්නාකම් සහ වවුනියා පොලිස් බල ප්රදේශවල දී වයස අවුරුදු 4, 6, 9, 11 වයසේ දැරියන් සිව් දෙනෙකු මෙලෙස අපයෝජනයට ලක්කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙම සැකකාර පියවරුන් දෙදෙනාට ම දැරියන් දෙදෙනා බැඟින් සිට ඇති අතර එම දියණියන් සිව් දෙනා ම මෙලෙස අපයෝජනයට ලක් වී ඇති බවයි වාර්තා වන්නේ.
එම සැකකාර පියවරුන් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
එම සකකාර පියවරුන් දෙදෙනා පොලිසිය මගින් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.