කුරුණෑගල පොලිස් වසමේ මිගමුව පාරෙහි පිඋහිටි ඉන්ධන අළෙවි සැළකට පැමිණ ව්‍යාජ මුදල් නෝට්ටුවක් ලබා දුන් පුද්ගලයෙකු ඊයේ (18) අත් අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරු ව්‍යාජ මුදල් නෝට්ටුවක් ලබා දුන් බවට 119 අංකයට ලැබුණු දුරකථන ඇමතුම මත පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලීසිය එම ස්ථානයට පැමිණ තිබෙනවා..
රුපියල් 1000 මුදල් නෝට්ටුවක් මෙම සැකකරු පිරවුම් හළේ පොම්පකරු වෙත ලබා දුන් අතර ඒ ගැන ඇති වූ සැකය මත පොම්පකරු පොලිස් හඳිසි ඇමතුම් ඒකකයට ඇමතුමක් ලබා දී තිබෙනවා.
එම අවස්ථාවේ දී සැකකරු පළා ගොස් ඇති අතර ඔහු සොයා කුරුණෑගල පොලීසිය වැඩි දුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි.