මවගේ අනියම් පෙම්වතාගේ පොලු පහරින් බරපතළ තුවාල ලැබූ දාහත් හැවිරිදි පුතෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මිය ගොස් තිබෙනවා.
අදාළ පුද්ගලයා වයස අවුරුදු 50ක් වන කාර්මිකයෙක් බවයි පොලිසිය සඳහන් කරන්නේ.
සැකකාර පුද්ගලයා පසුගිය දොළොස් වැනි දා බීමත්ව නිවෙසට පැමිණ මිය ගිය දරුවාගේ මව සමඟ ආරවුලක් ඇති කරගෙන තිබෙන අතර එම අවස්ථාවේ දී දරුවා විසින් ඔහුට බැන වැදී තිබෙනවා.
දරුවා පවසා ඇත්තේ “බීල ආවනං සද්ද නැතුව ඉන්න” ලෙසයි.
එම වචනයට කිපුණු සැකකරු යකඩ පොල්ලකින් දරුවාට පහර දී තිබෙන බවයි මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.
පහරකෑමෙන් තුවාල ලැබූ දහහත් හැවිරිදි තරුණයා ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර අසාධ්‍ය තත්ත්වයේ පසු වූ නිසා ජාතික රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.
එහිදී මෙම දරුවා මියගොස් ඇති බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් පොලිසිය සඳහන් කළේ.