පාකිස්තානයේ හිටපු අග්රාමාත්ය ඉම්රාන් ඛාන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ තමන්ව නැවත අත්අඩංගුවට ගැනීමට පොලිසිය ලාහෝරයේ පිහිටි ඔහුගේ නිවස වටලා ඇති බවයි.
ඉස්ලාමාබාද් මහාධිකරණය විසින් ඛාන්ගේ ආරක්ෂක ඇප මැයි 31 දක්වා දීර්ඝ කළ බව ඔහුගේ නීතිඥවරයා ඊයේ (17) ප්රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.