ශ්රී ලංකාවේ පවතින ඩොලර් අර්බුදය පිළිබඳව අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්රී ධම්මික පෙරේරා සඳහන් කළේ, රට තුළට ඩොලර් ගලා ඒම සඳහා දිවයින ජාතිය තවමත් ස්ථාවර මාවතක් නිර්මාණය කර නොමැති බවයි.
හම්බන්තොට මිද්දෙණිය ප්රදේශයේ ඊයේ (14) පැවති උත්සවයකට එක්වෙමින් ඔහු පවසා සිටියේ ශ්රී ලංකාවේ පවතින බදු අර්බුදයට ඩොලර් හිඟය හේතු වී ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.
ඩොලර් හිඟය හේතුවෙන් ශ්රී ලංකාවේ ආනයන සැලකිය යුතු ලෙස අඩුවී ඇති බවත්, එමගින් රේගු තීරුබදු සහ තීරුබදු හරහා උපයන ආදායමට සෘජුවම බලපාන බවයි ඔහු පැහැදිලි කළේ.
එමෙන් ම රේගු ගාස්තු සහ තීරු බදු වලින් අහිමි වන මුදල් උපයා ගැනීම සඳහා වෙනත් බදු වැඩි කරන බවත් මේ පිටුපස ඇති මූලික ගැටලුව වන්නේ ඩොලර් හිඟකම බවද අපට ඩොලර් උපයා ගැනීමට තවත් කිසිදු ක්යමයක් නොමැති බවයි ධම්මික පෙරේරා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.