දේශීය ණය ප්‍රශස්ථකරණයක දී බැංකු පද්ධතියේ මෙන් ම මහජන තැන්පතුවල සුරක්ෂිතතාව සහතික කළ හැකි බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා
2022 මහ බැංකු වාර්ෂික වාර්තාව පිළිබඳව ඊයේ පැවැති සම්මන්ත්‍රණයකදී ඔහු මේ බව සඳහන් කර සිටියා.
ඕනෑම ආකාරයක ණය ප්‍රශස්තකරණයක දී බැංකු පද්ධතියේ ස්ථායිතාව මෙන් ම පොදු තැන්පතු ආරක්ෂා කිරීම සහතික කර ආරක්ෂා කර ගන්නා බවයි ඔහු සඳහන් කර සිටියේ.
මහ බැංකුවේ ප්‍රධාන අරමුණක් වන්නේ මූල්‍ය අංශයේ ස්ථායීතාව පවත්වා ගැනීම බව ද ඔහු සඳහන් කර සිටියා.
2027-2032 දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික මූල්‍යකරණ සීමාව සපුරාලීම සඳහා ශ්‍රී ලංකාව අවම වශයෙන් දේශීය ණයවල කල්පිරීම දීර්ඝ කළ යුතු අතර, එය දැනට පවතින සියයට 30 සිට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 13 දක්වා පහත දැමිය යුතු බවයි ඔහු පවසා සිටියේ.