කළුතර ලැගුම්හලක ඉහළ මාලයකින් වැටී පාසල් සිසුවියක් මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වන 29 හැවිරිදි තරුණයා දින දෙකක් රඳවා ප්‍රශ්න කිරීමට අද (10) අධිකරණ පොලීසියට අවසර ලබා දී තිබේ.
ඒ සැකකරු අද කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
කළුතර ලැගුම්හලක ඉහළ මහලෙන් ඇද වැටී 16 හැවිරිදි පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත් වුනේ පසුගිය 6 වනදාය.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ පොලීසිය ඊට අදාළව 19 හැවිරිදි තරුණියක් ඇතුළු තිදෙනෙක් පළමුව අත්අඩංගුවට ගනු ලැබීය.
අනතුරුව පොලීසිය මඟහරිමින් සිටි ප්‍රධාන සැකකරු ඊයේ (09) අලුයම හික්කඩුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත්තේය.
සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පාපොච්චාරණය කර තිබුණේ මියගිය සිසුවිය ඇයට ලැබුණු දුරකථන ඇමතුමකින් පසුව ලැගුම්හලේ ජනේලයකින් බිමට පනිනු ලැබූ බවය.
කෙසේවතෙත් සැකකරු සිදුකළ ප්‍රකාශවල සත්‍ය අසත්‍යතාව තහවුරු කරගැනීම සඳහා තවදුරටත් විමර්ශන සිදුකිරීමට අවශ්‍ය බැවින් ඔහුව අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිත බව පොලීසිය සඳහන් කළේය.
පොලීසිය පැවසුවේ, මියගිය සිසුවියගේ ජංගම දුරකථන දත්ත පරීක්ෂා කිරීමට අවශ්‍ය කටයුතු මේවන විට සිදුකරමින් සිටින බවය.