අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිවිල් නඩුවකදී ලිංගික අතවරයකට වරදකරු වී තිබෙනවා.
එහි දී ඩොලර් මිලියන 5ක වන්දියක් ගෙවීමට නියෝග කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඒ 1996 වසරේදී කාන්තාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.
76 හැවිරිදි ට්‍රම්ප්, ධවල මන්දිරයට නැවත පැමිණීමේ උත්සාහයක් ලෙස 2024 දී ජනාධිපති ධුරයට පත්වීමට උත්සාහ කරන බව ප්‍රකාශ කර ඇති අතර, මුදල් ගෙවීම සඳහා මැතිවරණ ප්රචාරක මුදල් භාවිතා කළ බවට නිව්යෝර්ක් ප්‍රාන්තය විසින් ඔහුට එරෙහිව ගෙන එන අපරාධ චෝදනාවලට දැනටමත් මුහුණ දී සසිටිනවා.
වැඩිහිටියන්ට පමනක් වූ චිත්රපටයන්යහි තරුවක් වන ස්ටෝමි ඩැනියෙල්ස් සමඟ ඔහු අනියම් ඇසුරක් පැවැත්වූ බව පවසනවා.
ට්‍රම්ප් නිව්යෝර්ක් දෙපාර්තමේන්තු ගබඩාවක් තුළදී තමාට ලිංගික අතවර කළ බව ඔප්පු කර ඇති ඇය මේ වන විට 79 හැවිරිදි වියේ පසුවන අතර තීරු ලිපි රචක ඊ. ජීන් කැරොල් විසින් සිවිල් නඩුව ගොනු කර තිබෙනවා.
මෙහි දී අපරාධ චෝදනා ඉදිරිපත් කර නොමැති බවයි වාර්තා වන්නේ.
නමුදු ඇය චෝදනා කරන විට ප්‍රසිද්ධියේ බොරුකාරයෙකු ලෙස හැඳින්වීමෙන් පසු ඇයව අපකීර්තියට පත් කිරීම සම්බන්ධයෙන් ට්‍රම්ප් වැරදිකරු වී තිබෙනවා.