මිනුවන්ගොඩ, ඕපාත ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියක් පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පෙම්වතා, පෙම්වතාගේ පියා සහ ඥාති කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව ඔවුන් අද මිනුවන්ගොඩ පොලිසීය විසින් අත්අඩංගුවට ගෙන මිනුවන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව (10) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන බවයි වාර්තා වන්නේ.
මිනුවන්ගොඩ, ඕපාත ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි බාලවයස්කාර පෙම්වතිය ඇයගේ පෙම්වතා විසින් පැහැරගැනීමේ සිදුවීමක් පසුගිය දිනක වාර්තා වුණා.
එම තරුණයාද ඕපාත ප්‍රදේශයේම පදිංචි කරුවෙකු බවයි වාර්තා වන්නේ.
දෙදෙනා අතර ප්‍රේම සබඳතාවයක් තිබී ඇති අතර බාල වයස්කාර පෙම්වතිය එම සබඳතාවය බිඳ දැමීම හේතුවෙන් මෙම තරුණයා දිගින් දිගටම ඇයට තර්ජනය කර තිබෙනවා.
ඒ හේතුවෙන් දැරියගේ පවුලේ පිරිස ඇයව මොනරාගල ප්‍රදේශයේ ඥාති නිවසක නතර කිරීමටද කටයුතු කර තිබුණා.
මෙම තරුණයා එම නිවසට පැමිණ බාල වයස්කාර දැරියව බලහත්කාරයෙන් රැගෙනගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.