පොලිස්පතිවරයාට තවත් සේවා දිගුවක් ලබා දීමට රජය තීරණය කර ඇති බව ඉහළ මට්ටමේ දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
පසුගිය මාර්තු මාසයේ විශ්රාම යාමට නියමිත තිබූ පොලිස්පති සි.ඩී. වික්රමරත්න හට ජනාධිපතිවරයා විසින් මාස තුනක සේවා දිගුවක් ලබා දී තිබෙනවා.
එය ජුනි මාසයෙන් අවසන් වන බැවින් තවත් සේවා දිගුවක් ලබා දීමට මෙලෙස රජය තීරණය කර ඇති බවයි එම දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.