පළාත් පාලන ඡන්දයට අපේක්ෂකයන් ලෙස නාම යෝජනා භාරදුන් රජයේ සේවකයන්ට හෙට (09) සිට යළි සේවයට වාර්තා කළ හැකි බව පළාත් සභා හා පළාත්පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා.
මාධ්‍ය කළ විමසීමකදී ඔහු කියා සිටියේ ඊට අදාළ චක්‍රලේඛය මැතිවරණ කොමිසමේ අනුමැතියට යවා ඇති අතර, හෙට එය නිකුත් කරන බවයි.