වේයන්ගොඩ, මැදවත්ත ප්රදේශයේ ඊයේ(07) සවස දියනෑමට ගිය යුවලක් අතුරුදන් වී තිබෙනවා.
මෙලෙස මෙම යුවල අතුරුදන් වී ඇත්තේ අත්තනගලු ඔයේ ශාඛාවක් වන ඇල් ඔයේ දිය නෑමට ගොස් සිටියදී යි.
දියේ ගිලී අතුරුදන් වූ පුද්ගලයා වයස අවුරුදු 19ක් වන වේයන්ගොඩ ප්රදේශයේ ම පදිංචිකරුවෙක් බවත්, කාන්තාවද වයස අවුරුදු 19ක් වන කුඩාඔය, ලබුතැන්න ප්රදේශයේ පදිංචිකාරියක් බවයි පොලිසිය පවසන්නේ.
අතුරුදහන් වූ යුවල සොයා වේයන්ගොඩ පොලිස් නිලධාරීන්, යුධ හමුදාව සහ නාවික හමුදාව මෙන්ම ප්රදේශවාසීන්ද මෙහෙයුම් ක්රියාත්මක කර තිබෙනවා.