තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වු බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් එම මරණ තහවුරු කර තිබේ.
මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග ළමුන් අතර පාචනය වැනි රෝග තත්ත්වයන් ඉහළ යාමක් දක්නට ලැබෙන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ වර්ෂාවත් සමග මැස්සන් වැනි සතුන්ගේ බෝවීම ඉහළ යාම මෙම රෝගී තත්ත්වයන්ට හේතු වී ඇති බවය.
කුඩා දරුවන් මෙවැනි රෝගවලින් ආරක්ෂා කරගැනීම සඳහා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීම ඉතා වැදගත් බව වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.