වාලච්චේන – නාපතාවිල් ප්රදේශයේ කුඹුරු යායක දී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති බව වාලච්චේන පොලිසිය පවසනවා.
මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 74 ක් වන කල්ලඩිවේටෙයි කිරාන් ප්රදේශයේ පදිංචිකරුවෙක්.
අදාළ පුද්ගලයාගේ ගොවිපලේ හිමිකරුට අයිති එළුවන් අනෙක් ගොවිපලේ බෝගවලට අලාභ කිරීම සම්බන්ධව දෙදෙනා අතර කලක සිට ආරවුල් තිබී ඇති බව සඳහන්.
මෙම ආරවුලක් දුර දිග යාමෙ හේතුවෙන් ඇති වූ බහින් බස් වීමක් නිසා ඊයේ (06) අනෙක් ගොවිපලේ හිමිකරු විසින් අදාළ පුද්ගලයා තියුණු ආයුධයකින් හිස ප්රදේශයට පහර දී මෙම ඝාතනය සිදු කර ඇති බව මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.
සිද්ධියට සම්බන්ධ සැකකරු ප්රදේශයෙන් පලාගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වාලච්චේන පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන බවයි වාර්තා වී ඇත්තේ.