කොල්ලුපිටිය පොලිස් වසමේ පිහිටි ලංකා සංචාරක මානව සම්පත් හා පාලන කාර්යංශයේ ලක්ෂ 05කට අධික වටිනාකමකින් යුත් ලැප්ටොප් පරිඝණක 02ක් සොරකම් කර තිබෙනවා.
ඒ එම ආයතනයේ කළමණාකරණ සහකාරවරියක් විසින් පසුගිය මැයි 02වන දින කොල්ලුපිටිය පොලිස් ස්ථානයට සිදුකරන ලද පැමිණිල්ලක් මතයි.
එදිනම එම ආයතනයේ පුද්ගලික පිරිසිදු කිරීමේ අංශයක සේවය කළ කාන්තාවක් සොරකම් කරන ලද ලැප්ටොප් පරිඝණක 02ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 58ක් වන බොරැල්ල ප්රදේශයේ පදිංචිකාරියක්.
සැකකාරිය ඊයේ (03) දින කොටුව ගරු මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මැයි 05වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි වාර්තාවන්නේ.
සිද්දිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකර ගෙන යනු ලබනවා.