ශ්‍රී ලංකාවේ රුසියානු හිටපු තානාපති උදයංග වීරතුංගට එරෙහිව පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා ඊයේ(03) ආගමන විගමන නිළධාරීන්ට නියෝග කරනු ලැබුවා.
මිග් යානා මිළදී ගැනීමේ දී සිදුවූවා යැයි කියන ගනුදෙනුව සම්බන්ධයෙන් පවරා ඇති නඩුවක් මත විදේශ ගමන් තහනමකට ලක්ව සිටින උදයංග වීරතුංග සිය නීතීඥවරුන් මඟින් කරන ලද ඉල්ලීමක් මතයි මෙම නියෝගය නිකුත් කර තිබෙන්නේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී මුල්‍ය අක්‍රමිකතාවයක් සිදුවී ඇති බවට මාධ්‍යවේදී ඉක්බාල් අතාස් විසින් 2015 දී දූෂන මර්දන කමිටු ලේකම් කාර්යාලය වෙත කළ පැමිණිල්ල මූලිකවම 2015 මාර්තු 26 දින මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනුකරනු ලැබුවා.