කළුතර මැන්ගුස් සටනේ සීමිත ඕවර ක්‍රිකට් තරගයේ දී ඇති වූ ගැටුමෙන් තුවාල ලැබූ කළුතර තිස්ස ජාතික පාසලේ 18 හැවිරිදි හිරුෂ නෙත්සර සිසුවා ඊයේ (02) දින රාත්‍රී 7ට පමණ නැවත කළුතර ශික්ෂණ රෝහලට රෝහලට ඇතුලත් කර තිබෙනවා.
ඒ හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් මතයි.
පසුගිය අප්‍රේල් 30 වැනිදා මග්ගොන සරේ ක්‍රීඩාගණයේ දී පැවැති ක්‍රිකට් තරගයෙන් අනතුරුව ඇති වූ ගැටුමෙන් කළුතර තිස්ස ජාතික පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ උප නායක වන ඔහුගේ හිසටද පහරක් එල්ලවීම හේතුවෙන් ඔහුව කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කෙරුණා.
ඉන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු කොළඹ ජාතික රෝහල වෙත මාරු කෙරුණු අතර එහිදී සී.ටී. ස්කෑන් පරීක්ෂණයක් සඳහාද යොමු කර තිබුනා.
නේවාසිකව ප්‍රතිකාර ලැබූ හිරුෂ ඊයේ (02) දහවල් රෝහලෙන් පිටව ගොස් ඇති අතර ඉන් අනතුරුව ඔහුව මෙලෙස යළි රෝහල්ගත කර තිබෙන බවත්
සිය පුතුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම සිසුවාගේ මව පයාගල පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇති බවත් වාර්තා වනවා.