ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 400ක්

0
11

ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක ණය ආධාරයක් ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එකඟ වී තිබේ.

මේ අතර එම මුදලින් ඩොලර් මිලියන 50ක් ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙල ශක්තිමත් කිරීම සඳහා ලබා දී තිබේ.

සිය ඉන්දීය සංචාරය අතරතුර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා අද දහවල් පැවැත්වුණි.

ඒ නවදිල්ලියේ පිහිටි ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස වන හයිද්‍රාබාද් හවුස්හිදීයි.

ද්වීපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව රාජ්‍ය නායකයින් දෙදෙනා ඒකාබද්ධ මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරනු ලැබුවේය.

එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වන ලෙස ආරාධනා කළේය.