ගලේවෙල නගරයේ දී පුද්ගලයෙකුට පහර දී ඝාතනය කළ පිය පුතු දෙපළක් සහ තවත් එක් පුද්ගලයෙකු ගලේවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය අප්‍රේල් 25 වැනිදා ගලේවෙල නගරයේ දී මෙම පහරදීම සිදුව ඇති අතර තුවාල ලැබූ පුද්ගලයා රෝහල්ගත කර සිටියදී එම මස 29දා මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ඝාතනයට ලක් වූ පුද්ගලයාට එරෙහිව මාතලේ අධිකරණයෙහි මිනීමැරුම් චෝදනාවක් සම්බන්ධයෙන් නඩුවක් විභාග වන අතර පහර දීමට සම්බන්ධ පුද්ගලයෙකු එම නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවකු ලෙස පෙනී සිටින බවයි හෙළිව තිබෙන්නේ.