බොරැල්ලේ නිවසකින් රුපියල් එක්කෝටි තිස්හත් ලක්ෂයක් වටිනා රත්රන් භාණ්ඩ හා විදෙස් මුදල් සොරා ගත් පුද්ගලයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 46 හැවිරිදි කිරුළපන ප්රදේශයේ පදිංචි “කබරයා “නැමැති අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන පුද්ගලයෙක්
සැකකරු හට ගෙවල් බිඳුම් චෝදනා තිහකට අධික ප්රමාණයක් තිබෙන බව කොළඹ අපරාධ කොට්ඨාස විමර්ශන නිලධාරීන් අනාවරණය කරගෙන ඇත්තේ.