මාරවිල දිසා අධිකරණයේ සේප්පුවේ තිබී රුපියල් ලක්ෂ 22කට වඩා වැඩි මුදලක් අතුරුදහන් වී තිබෙනවා.
එම සිද්ධිය සම්බන්ධයෙන් එම අධිකරණයේම සේවය කරන ලිපිකරුවෙකු සහ ලිපිකාරිණියක් මාරවිල පොලීසිය විසින් ඊයේ (27) දින අත්අඩංගුවට ගෙන තිබුණා.
අධිකරණ සේප්පුවේ තැන්පත් කර තිබූ රුපියක් 22,07,000ක මුදලක් මෙලෙස අස්ථාන ගත වී ඇති බව එම අධිකරණයේ රෙජිස්ටාර්වරියක ලෙස සේවය කරන ශාරිකා මානෙල් වික්රමනායක පසුගිය මාර්තු 20 වැනිදා මාරවිල පොලීසිය වෙත පැමිණිලි කර ඇති බවයි වාර්තා වන්නේ.
පොලීසිය විසින් මෙම සිදුවීමට අදාලව විමර්ශණ කටයුතුවල දී අධිකරණයේ සේවයේ නියුතු කිහිප දෙනෙකුගෙන්ම ප්රකාශ ලබා ගැනීමටයි පොලීසිය කටයුතු කර තිබෙන්නේ.
මාරවිල පොලීසිය සිද්දිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනවා.