තම පාසලේ ශිෂ්‍යයෙකු ලිංගික අපයෝජනයකට ලක්කළ ඇමෙරිකාවේ පාසලක විදුහල්පතිනියක් අත්අඩංගුවට ගෙන තිබේ.
ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ පෞද්ගලික පාසලක විදුහල්පතිනිය ලෙස සේවය කළ 43 හැවිරිදි කාන්තාවක මෙසේ චෝදනාවට ලක්ව සිටී.
තම ඉගෙනුම් කටයුතු සඳහා විදුහල්පතිනියගේ සහාය ඉල්ලා සිටි අවස්ථාවේදී ඇය මෙම සිසුවා සමග සමීප වී ඇති ඇත.
කෙසේ වෙතත්, මුලදී මෙම විදුහල්පතිනිය තමාව ස්පර්ශ කරමින් කටයුතු කළ බව පවසා ඇති සිසුවා, එය මුලින් තමන්ට සතුටක් ගෙන දුන්නද, පසුව ඉන් අපහසුතාවට පත්වූ බවත්, තමාට වැරදිකාර හැඟීමක් සහ තම අධ්‍යාපන කටයුතු කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උදාවූ බවත් පොලීසියට පවසා ඇත.