2023 මුල් කාර්තුවේ දී කොටස් ගනුදෙනු බදු (Share Transaction Levy) හරහා රජයට ලැබුණු ආදායම 63.45% කින් පහළ බැස ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.
පසුගිය මාස 03 තුළ රජයේ සමස්ත බදු ආදායම පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය මේ බව කියා සිටී.
අදාළ නිවේදනයේ සඳහන් පරිදි කොටස් ගනුදෙනු බදු හරහා 2023 මුල් කාර්තුවේ දී රජයට ලැබී ඇති ආදායම රු. මිලියන 691 ක් වේ. එය 2022 මුල් කාර්තුව තුළ දී රු. මිලියන 1,891 ක්ලෙසින් වාර්තා බී තිබුණි. ඒ අනුව වාර්ෂික පදනම මත 2023 පළමු කාර්තුවේ දී මිලියන 1,200 කින් හෙවත් 63.45% කින් කොටස් ගනුදෙනු බදු මගින් රජයට ලැබුණු ආදායම පහළ ගොස් තිබුණි. කෙසේවෙතත් මෙම වකවානුව තුළ දී රජයේ සමස්ත බදු ආදායම රු. මිලියන 146,565 සිට රු. මිලියන 316,619 ක් දක්වා 116% කින් ඉහළ ගොස් ඇත.
කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවක දී ගනුදෙනුවේ වටිනාකම මෙන් 1.12% ක ප්‍රමාණයක් ගනුදෙනු පිරිවැයක් ලෙසින් අය කරනු ලැබේ. එයින් 0.64% ක ප්‍රමාණයක් තැරැව්කාර ගාස්තුව (Brokerage Fees) ක් ලෙසින් අය කෙරන අතර 0.3% ක ප්‍රමාණයක් කොටස් ගනුදෙනු බද්දක් (Share Transaction Levy) ලෙසින් අය කෙරේ.
මීට අමතරව 0.084% ක් කොළඹ කොටස් වෙළෙඳපොළ ගාස්තුවක් (CSE Fees) ලෙසත්, 0.024% ක් මධ්‍යම තැන්පතු ක්‍රම ගාස්තුවක් (CDS Fees) ලෙසත් සහ 0.072% ක් සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභා ගාස්තුවක් (SEC Cess) ලෙසත් අයකෙරෙනු ඇත.