කොළඹ සංචාරක හෝටල් සහ ඒවාට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසට ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක එම හෝටල්වල ආරක්ෂක ප්රධානින්ට දැනුම්දී තිබෙනවා.
ඒ සමඟම ඉදිරියේදී සංචාරක හෝටල්වලට ඇතිවිය හැකි ගැටලුවලට පිළියම් යොදන ලෙසද ඔහු උපදෙස් දී ඇති බවයි වාර්තා වන්නේ.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශකවරයා කොළඹ සංචාරක හෝටල්හි ආරක්ෂක ප්රධානීන් සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී මේ බව දැනුම් දී ඇති බව සඳහන්
එමෙන්ම වර්තමානයේ සංචාරක හෝටල් හා සංචාරකයන් මුහුණදෙන ආරක්ෂක ගැටලු පිළිබඳව මෙහිදී අවධානය යොමුව ඇත.