2022 උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇඟයිම හා සම්බන්ධ පාලක පරීක්ෂකවරුන්ගේ රැස්වීමක් අද (24) විභාග දෙපාර්තමේන්තුවේ දී පැවැත්වෙනවා.
විෂයන් 10කට අදාළ පිළිතුරු පත් ඇඟයීමේ මූලික අදියර කඩිනමින් ආරම්භ කිරීම සම්බන්ධයෙන් මෙහි දී සාකච්ඡා කිරීමට නියමිත බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ.
හින්දු ධර්මය, ක්‍රිස්තියානි ධර්මය, හින්දු ශිෂ්ඨාචාරය, චිත්‍ර කලාව, භරත නර්තනය, පෙරදිග සංගීතය, කර්නාටක සංගීතය, බටහිර සංගීතය, නාට්‍ය හා රංග කලාව සහ හින්දි යන විෂයන්ට අදාළ පිළිතුරු පත් ඇඟයීමේ කටයුතු එලෙස පළමුව ආරම්භ කරන බවයි වාර්තා වන්නේ.
සෙසු විෂයන් හි පිළිතුරු පත් ඇඟයීමේ කටයුතු ද මෙම සතිය තුළ දී ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර උසස් පෙළ විභාගයේ පිළිතුරුපත් ඇගයීම් සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා හෙට විධායක සභා රැස්වීමක් පැවැත්වෙන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ප්‍රකාශ කළා.
එහි සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක කියා සිටියේ සිය ගැටලුවලට විසඳුම් ලබාදෙන්නේ නම් ඉතා කෙටි කාලයක් තුළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු අවසන් කිරීමට හැකියාව පවතින බවයි.
කෙසේවෙතත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක කියා සිටියේ 2022 උසස් පෙළ විභාගයේ ඇගයීම්වලට අදාළ ගෙවීම් ද බොහෝ පිරිසකට තවමත් ලැබී නොමැති බවයි.