මෙරට මුහුදු සීමාවේ දී ගිනි ගැනීමට ලක් වු එක්ස්ප්රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් සම්බන්ධයයෙන් වන්දි ඉල්ලා සිංගප්පුරුව අධිකරණයෙ එම නඩුව විභාග කිරීම සම්බන්ධයෙන් යු ටියුබ් නාලිකාවක් හරහා අතිරේක සොලිසිට ජනරාල් විකුම් ඩී ආබෲ සහ රජයේ නීතිඥ නයෝමි කහවිට යන මහත්ම මහත්මීට අපහාස කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සමාජ ක්රියාකාරයකු වන දර්ශන හදුන්ගොඩ එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇත.
අතිරේක සොලිසිටර් ජනරාල් විකුම් ඩී ආබෲ සහ රජයේ නීතිඥ නයෝමි කහවිට යන මහත් මහත්මීන් ඊයේ (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවකට මේ සම්බන්ධයෙන් කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇත.
එක්ස්ප්රස් පර්ල් නෞකාවෙන් පරිසර සිදු වු හානියට වන්දි ඉල්ලා ශ්රි ලංකවේ අධිකරණය තුළ නඩු විභාග කිරීමට පුළුවන් කම තිබියදී එය සිංගම්පූරු අධිකරණයේ සිදු කිරීම සම්බන්ධයෙන් සිය නම් සදහන් කරමින් දර්ශන හදුන්ගොඩ සිය යු ටියුබ් නාලිකාව හරහා විවේචනාත්මකව අපහාස කරමින් ප්රකාශ ඉදිරිපත් කර තිබු බව ට එම පැමිණිල්ලේ සඳහන් වන බවද පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි.