සැබෑ අවශ්‍යතාවය ගැන සලකා බලා අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරන්නේ නම් එය වැදගත් බවත්, පිළිතුරු පත්‍ර ඇගයීම වෙනුවෙන් එය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීම සුදුසු නොවන බවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.
උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම තවත් පමා වුවහොත් අධ්‍යාපන අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (19) ප්‍රකාශ කළේ.
මේ සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහක කියා සිටියේ තවමත් රජය විසින් සිය ගැටළු විසඳීම සඳහා මැදිහත් වී නොමැති බවයි.