තහනම් ඖෂධ තොගයක් සමඟ පුද්ගලයෙකු කාටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පැවසුවේ ලද තොරතුරකට අනුව ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයකුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී හිස කෙස් වර්ණක අසුරුම් තුළ සූක්ෂම ආකාරයෙන් තහනම් ඖෂධ රැගෙන විත් ඇති බවය.
හෙරොයින්වලට ඇබ්බැහි වූ පුද්ගලයින් විකල්පයක් ලෙස එම තහනම් ඖෂධ භාවිතයට පෙළඹී ඇති බව පොලීසිය පවසයි.
සැකකරු සතුව තිබී කිලෝග්‍රෑම් 34ක බරින්යුත් මත්කරල් 60,460ක ප්‍රමාණයක් සොයාගත් බව පොලීසිය පැවසීය.
අත්අඩංගුවට ගෙන ඇත්තේ 40 හැවිරිදි දිගන, රජවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 07ක රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්ණ කිරීමට අධිකරණයෙන් අවසර ලබා දී තිබේ.