පුද්ගලික බස් රථයක් සහ ත්රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් ඉතා අවාසනාවන්ත ලෙස මාස 06ක් වයසැති බිළිඳෙකු මියගොස් තිබේ.
ඊයෙ (12) සවස මහව අටවරල ප්රදේශයේ දී එම අනතුර සිදුවී තිබුණි.
බිළිඳාගේ මව, තවත් කාන්තාවක් සහ එක් පුද්ගලයෙකු අනතුරෙන් බරපතළ තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහල්ට ඇතුළත් කර තිබේ.
කුරුණෑගල සිට මහව බලා ධාවනය වූ පුද්ගලික බස් රථයක් සහ මහව සිට දළදාගම දෙසට යමින් තිබූ ත්රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබුණි.