ATM කාඩ්පත්වලින් මුදල් වංචා කළ පුද්ගලයෙකු කාඩ්පත් 15ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ සැකකරු ATM යන්ත්‍රවලින් මුදල් ලබාගැනීමට පැමිණෙන ඇතැම් පුද්ගලයන්ට මුදල් ලබා ගැනීම සඳහා සහය වන මුවාවෙන් ඔවුන්ගේ රහස් අංකය ලබා ගන්නාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
පසුව අදාළ පුද්ගලයාට මුදල් සමග සැකකරු සතුව තිබෙන ව්‍යාජ කාඩ්පතක් ලබාදී නිවැරදි කාඩ්පත ඔහු සතුව තබා ගනිමින් පසුව මුදල් ලබාගැනීම සිදුකර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
පිළියන්දල, කොට්ටාව, දෙහිවල, මිරිහාන සහ මහරගම ඇතුළු පොලිස් ස්ථාන වෙත ලැබුණු පැමිණිලි 50ක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකදී ඊයේ (10) සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.
ඔහු පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි අයෙකි.