සමනලවැව නැරඹීම සඳහා ඉකුත් (06) වෙනිදා යතුරුපැදියකින් පැමිණ සිටි පෙම්වතා සහ පෙම්වතිය බියවද්දා පෙම්වතා යතුරුපැදියට එක්කර විලංගු දමා පෙම්වතිය අසල ළඳු කැළෑවට රැගෙනගොස් නිරුවත්කර අතවරකළ පොලිස් කොස්තාපල්වරයෙකු සමනලවැව පොලීසිය විසින් ඉකුත් (08) වෙනිදා අඩංගුවටගෙන ඇත.
මැද්දේගම ප්‍රදේශයේ පදිංචි පෙම්වතිය ඇයගේ පෙම්වතා සමඟ යතුරුපැදියකින් සමනලවැව වේල්ල නැරඹීමට යතුරුපැදියකින් පැමිණ ඇත.
වේල්ලේ සිටින විට එය අසලට පැමිණි අයෙකු ඔහු පොලිස් නිලධාරියෙකු බවට හැඳුනුම්පතක් පෙන්වා මත්ද්‍රව්‍ය තිබේදැයි බැලීමට දෙදෙනා පරික්ෂාකළ යුතු බව පවසා පෙම්වතා ඔවුන් පැමිණි යතුරුපැදියට අල්ලා විලංගු දමා ඇත.
පසුව 18 හැවිරිදි පෙම්වතිය අසල ළඳු කැළෑවකට රැගෙනගොස් නිරුවත්කර අතවරකර ඇත. පසුව ඇයගේ නිරුවත ජංගම දුරකථනයකින් වීඩියෝ කිරීමට උත්සාහකර ඇතත් තරුණිය එය වළක්වා ඇත.
නාඳුනන පුද්ගලයෙකු පොලිස් නිලධාරියෙකු ලෙස හැසිරෙමින් සමනලවැව වේල්ල අසල සැරිසරන බවට නිර්නාමික දුරකථන ඇමතුමක් මඟින් සමනලවැව පොලීසියට දැනුම්දී තිබේ.
ඒ අනුව වහා ක්‍රියාත්මකවූ පොලීසිය වේල්ල දෙසට පැමිණ බැලීමේදී නිරුවතින් සිටි තරුණියක සහ විලංගු දමා සිටි තරුණයෙකු බේරාගෙන ඒ අසල සිටි සිද්ධියට සම්බන්ධ අපරාධකරුද අත්අඩංගුවටගෙන ඇත.
ඔහු පිළිබඳව පරීක්ෂාකිරීමේදී සැකකරු හම්බේගමුව පොලීසියට අනුයුක්ත සේවයකරන පොලිස් කොස්තාපල්වරයෙක් බවට හඳුනාගෙන ඇත. සමනලවැව පොලීසිය මඟින් සැකකරු අත්අඩංගුවටගෙන තිබේ.
ඔහු එක්දරු පියෙකු බවද අනාවරණයවී තිබේ. අතවරයට පත්වූ තරුණිය සහ තරුණයා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා බලංගොඩ රෝහලට ඇතුලත්කර ඇත.
සැකකරු බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතව තිබිණි.