පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී සිසේරියන් සැත්කමකට භාජනය වූ කාන්තාවක මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ මට්ටමෙන් සහරෝහල් මට්ටමෙන් විශේෂ විමර්ශන දෙකක් ආරම්භ කොට ඇති බව එම රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පවසයි .
එසේ සිසේරියන් සැත්කමකට භාජනය වීමෙන් පසු මියගොස් ඇත්තේ සඳුනි මධුෂානි (27) නැමැති පේරාදෙණිය ගන්නෝරුව මුරුතලාව ප්‍රදේශයේ පදිංචිකාරිනියකවන අතර ඇයගේ දෙවැනි දරුවා බිහි කිරීමට යාමේදී මෙම ඛේද ජනක සිද්ධියට මුහුණ දී තිබේ .
සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා වැඩිදුරටත් පවසා සිටියේමෙම මරණය සම්බන්ධයෙන් නිශ්චිතව යමක් ප්‍රකාශ කළ නොහැකි බවත් ඒ සම්බන්ධයෙන් යමක් ප්‍රකාශ කළ හැක්කේ පරීක්ෂණ වාර්තාව ලැබුණ පසුව බවයි .
මෙම ගර්භනී කාන්තාව සඳහා භාවිතා කළ ඖෂධය ලියාපදිංචි නොකළ සමාගමකින් ලබාගත් ඖෂධයක් නොවන බව පැවසූ අධ්යක්ෂවරයා පරිත්‍යාගයක් වශයෙන් රෝහලට ලද ඖෂධයක් බව ද පැවසීය .
සිසෙරියන් සැත්කමෙන් බිහි කළ දරුවා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බව පැවසූ අධ්යක්ෂවරයා මරණය සම්බන්ධයෙන් විවිධ පාර්ශව විවිධ ප්‍රකාශ සිදු කළද නිශ්චිතව ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකළ හැක්කේ පරීක්ෂණ වාර්තාව ලැබීමෙන් අනතුරුව බවද පැවසීය. සිසෙරියන් සැත්කම සිදු කිරීමෙන් දින තුනකට පසුඑම කාන්තාව මිය ගිය බව ද අධ්යක්ෂවරයා පැවසීය .
මියගිය කාන්තාවගේ වැඩිමල් සොහොයුරාවන තිවංක මධුරංග (38) පවසා සිටියේ කිසිදු රෝගී තත්ත්වයන් නොමැතිවතම දෙවැනි දරුවා බිහි කිරීමට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී සිසේරියන් සැත්කමකට භාජනය වීමෙන් අනතුරුවඅසාධ්ය තත්වයෙන් දැඩි සත්කාර දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් අනතුරුවඇය මියගිය බවයි.
ඇය මිය යාමෙන් පසු වෛද්‍යවරුන් පවසා සිටියේ ඇය නිර්වින්දනය කිරීම සඳහා භාවිතා කළ ඖෂධය අලුත් ඖෂධ වර්ගයක් බවත් එම ඖෂධයේ වරදකින් රෝගියා මිය යන්නට ඇතැයි සැක කරන බවයි. තම නැගණියගේ අවසන් කටයුතු සිදු කිරීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් ඉදිරි නීති ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව ද ඔහු පැවසීය.