ඉන්දීය රජය විසින් ණය ආධාර යෝජනා ක්‍රමය මගින් ලබාදුන් නව බස් රථ නුවරඑළිය හා මහනුවර යන දිස්ත්‍රික්කවල ලංගම ඩිපෝවලට බෙදාදීම නුවරඑළිය ග්‍රෙගෙරි වැව උද්‍යානයේදී ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) සිදු කෙරිණි.
නව බස් රථ 26 ක් ලංගම ඩිපෝ හතකට බෙදා දෙනු ලැබු අතර, එම නව බස් රථ වතුකරයේ හා ග්‍රාමීය මාර්ගවල ධාවනය කිරීමට යොදා ගැනීමටත්, එමගින් ග්‍රාමීය හා වතු අභ්යන්ත්රර මාර්ගවල පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කොට ජනතාවට විධිමත් ප්‍රවාහන පහසුකම් ලබාදීම අරමුණ බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ හැටන්, නුවරඑළිය, කොත්මලේ, වලපනේ, හඟුරන්කෙත සහ මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය හා ගම්පොල යන ඩිපෝ සඳහා මෙම නව බස් රථ ලබා දෙන ලදි.
නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සී. බී. රත්නායක, එස්. බී. දිසානායක, මරදපාණ්ඩී රාමේෂ්වරන්, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් යන මහත්වරුන් හා ඩිපෝ අධිකාරිවරුන්, ලංගම සේවකයන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.