වනඅලි සඳහා හිතකර පරිසරයක් නොමැතිවීම හේතුවෙන් මේ වන විට වන අලි උඩවලව ජාතික වනෝද්‍යානය හැරයාම ඉහළ ගොස් තිබෙනවා.
උඩවලව අලි පර්යේෂණ ව්‍යාප්තියේ පර්යේෂණ කළමනාකරු සමීර වීරතුංග සඳහන් කළේ ජාතික වනෝද්‍යානය තුළ මීට පෙර පිරිමි අලි 600ක පමණ පිරිසක් සිටිය ද මේ වන විට සංචාරකයින්ට දිනකට නිරීක්ෂණය කළ හැක්කේ වන අලි 10කටත් අඩු ප්‍රමාණයක් බවයි.
උඩවලව ජාතික වනෝද්‍යානයේ වන අලි ව්‍යාප්තිය මේ පිළිබඳ පර්යේෂණයක් ද සිදුකර තිබෙනවා.
එම පර්යේෂණයෙන් වැඩිදුරටත් හෙළිව ඇත්තේ මව් අලි ඇතුන්ගේ පැටවුන් බිහිකිරීමේ කාල සීමාවද වසර තුනේ සිට 4ත් 06ත් දක්වා දීර්ඝ වී ඇති බවයි.
එමෙන්ම ජාතික වනෝද්‍යානය තුළ අලින්ට අවශ්‍ය තෘණ සහ කටු පදුරු නොමැති වීම හේතුවෙන් අලි ඇතුන්ගේ වර්ධනය බාලවීම මෙන්ම පෝෂණ ඌණතා ගැටලු ඇතිවී තිබෙන බවද උඩවලව අලි පර්යේෂණ ව්‍යාප්තියේ පර්යේෂණ කළමනාකරු සමීර වීරතුංග කියා සිටියා.