සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සැමරීම සඳහා ජනතාව මේ වන විට ලහි ලහියේ සූදානම් වනවා.
මේ වන විට වෙළඳපලේ එළවළු මිල ගණන් ඇතුළු අත්‍යාව්‍යශ භාණ්ඩ රැසක මිල පහත බැස තිබෙනවා.
එළවලුවලට අමතරව අවුරුදු සමයේ වැඩි වශයෙන් පරිභෝජනයට ගන්නා කෙසෙල් මිල ගණන් ද ඊයේ (03) වන විට පහත බැස ඇති බවයි වෙළඳපල ආරංචිමාර්ග සඳහන් කළේ.
සීනී කෙසෙල් සහ ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑමයක් ඊයේ (03) වන විට රුපියල් 150 දක්වා පහත බැස තිබෙනවා.
එමෙන්ම පසුගිය දින වල රුපියල් 120 දක්වා ඉහළ ගොස් තිබූ පොල් ගෙඩියක මිල ද මේ වන විට රුපියල් 90 දක්වා පහත බැස ඇති බවයි ආර්ථික මධ්‍යස්ථාන සඳහන් කළේ.
කෙසේ වෙතත් අලුත් අවුරුද්ද සඳහා වැඩි වශයෙන් යොදා ගන්නා කේක් මිල ගණන් තවමත් පවතින්නේ ඉහළ අගයකයි.
ඒ, බිත්තර ඇතුළු අනෙකුත් අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම හේතුවෙන්.
පිටකොටුව ස්වයං රැකියා වෙළඳ සංගමයේ සභාපති ප්‍රදීප් චාල්ස් පිටකොටුව වෙළඳපලේ මිල ගණන් සහ පාරිභෝගිකයින් භාණ්ඩ මිලදී ගැනීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.