ඩීසල් මිල පහළ යාමත් සමඟ සංශෝධිත බස් ගාස්තු ලේඛනය ප්‍රදර්ශනය නො කොට වැඩිපුර ගාස්තු අයකරන බස්රථ පරීක්ෂා කිරීමේ වැඩසටහන අද (03) දා සිට ක්‍රියාත්මක කරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා පැවසීය .
ඒ අනුව සංශෝධිත බස් ගාස්තු ලේඛනය සියලු මගීන්ට පෙනෙන පරිදි ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය බවත් අනුමත බස් ගාස්තුව අය නොකොට වැඩිපුර ගාස්තු අය කරන බස් රථ මෙහිදී වැටලීමට පියවර ගන්නා බවත් සභාපතිවරයා වැඩිදුරටත් කිය.
ඉකුත් 29 දා ඩීසල් මිල අඩු වීමත් සමග බස් ගාස්තු සංශෝධනය 31 දා සිට බලාත්මක වූ අතර එම බ සංශෝධිත බස් ගාස්තු ලේඛනය ප්‍රාදේශීය කාර්යාල හතක් හරහා බස් රථ හිමියන්ට ලබාදී තිබුණි .
එහෙත් ඇතැම් බස්රථ මේ දක්වා එම ලේඛනය මගී ජනතාවට පැහැදිලිව ප්‍රදර්ශනය වන පරිදි ප්‍රදර්ශනය නොකිරීමටත් වැඩිපුර ගාස්තු අය කිරීමටත් පෙළඹී ඇති බවට විවිධ පාර්ශව මගින් පැමිණිලි ලැබෙමින් ඔඅවතින බව පැවසේ .
එබැවින් 03 දා සිට බස්නාහිර පළාතේ පර්යන්ත වලින් ගමන් ආරම්භ කරන සියළුම බස් රථ ගමන් ආරම්භයට පෙර සංශෝධිත ගාස්තු ලේඛනය ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය බවත් එසේ නොකරන බස් රථ වලට එරෙහිව විනයානුකූල පියවර ගන්නා බවත් පැවසේ.
ඒ සම්බන්ධයෙන් පර්යන්ත වල ස්ථානභාර නිලධාරීන් හරහා වේලා සටහන් නිළධාරීන් දැනුවත් කර ඇති බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන කේ . රත්නායක මහතා කියාසිටී.
මෙම උපදෙස් ක්‍රියාත්මක වන්නේ දැයි පරික්ෂා කිරීම සඳහා බැස්ටියන් මාවත , බොරැල්ල , හෝමාගම , රත්මලාන , කළුතර , ජා ඇල , ගම්පහ සහ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේ මාර්ග පරීක්ෂක නිලධාරීන් යොදවා ඇති බව පැවසේ .
මේ පිළිබඳව යම් පැමිණිල්ලක් වෙතොත් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ 0112 860860 අංකයට අමතා ලබා දෙන ලෙස සභාපති ප්‍රසන්න සංජීව මහතා මගී ජනතාවගෙන් ඉල්ලා සිටි .;