පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සභාපතිත්වය දරන PTI පක්ෂයේ ආධාරකරුවන් 300 කට වැඩි පිරිසක් එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
අත්අඩංගුවට ගෙන ඇති පිරිස අතර රජයේ නිලධාරීන් ද සිටින බව විදෙස් මාධ්‍ය පැවසීය.
ඉස්ලාමාබාද් අධිකරණය සංකීර්ණ භූමිය තුළ කලහකාරී අයුරින් හැසිරීම සම්බන්ධයෙන් එම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
PTI පක්ෂයට සහය පළ කරන රාජ්‍ය නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉම්රාන් ඛාන් සහභාගී වූ මැතිවරණ රැලිවලට සහභාගීවීම හේතුවෙන් බවද විදෙස් වාර්තාවල සඳහන්ය.