පෝස්ටර්-බැනර් සහ කටවුව්ට් ඉවත් කරන්න කම්කරුවන් 1045ක්

0
13

ජනාධිපතිවරණයට අදාළ නීති විරෝධි පෝස්ටර්, බැනර් සහ කටවුව්ට් ඉවත් කිරීම සඳහා දිවයිනේ සියලු පොලිස් ස්ථාන සදහා කම්කරුවන් 1045 දෙනෙකු ආදේශ කිරීම සඳහා අනුමැතිය හිමිව ඇති බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සදහන් කළේ මේ සඳහා රුපියල් මිලියන 45.8ක මුදලක් වෙන්කර ඇති බවයි.

මේ අතර ඇල්පිටිය පළාත් පාලන ඡන්දවිමට අදාල මැතිවරණ ප්‍රචාරක කටයුතු ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණි.

ඡන්ද විමසීමට අදාලව කිසිදු පැමිණිල්ලක් මෙතෙක් ලැබී නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

ඇල්පිටිය පළාත් පාලන ඡන්දවිමසීමට අදාලව නීති උල්ලංඝණය කිරීමේ චෝදනා යටතේ එක් පුද්ගලයෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.