ලොරි රථයකට යටවී කුඩා දරුවෙක් මරුට-පියා අත්අඩංගුවට

0
90

වීරකැටිය පොලිස් වසමේ දී කුඩා දරුවෙකු නිවසේ මිදුලේ නවතා තිබූ ලොරි රථයක් නැවත ඉදිරියට ගැනීමට යාමේදී ලොරි රථයේ පිටුපස රෝදයට යටවී බරපතළ තුවාල ලබා වීරකැටිය රෝහල්ට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත.

මියගිය දරුවා වයස අවුරුදු 2යි මාස හයක් වන, අංක 24ක් එක ඉංගිනියගොඩැල්ල කුඩා බිබුල, ජුලම්පිටිය ලිපිනයේ පදිංචි ලිපිනයේ පදිංචිව සිටි ජයවික්‍රම ආරච්චිලාගේ දිදුල නම් දරුවෙකි.

මෘත ශරීරය වීරකැටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු වන මියගිය දරුවාගේ පියා අත්අඩංගුවට ගෙන ඇත.

වීරකැටිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.