ඉන්දියානු සම්භවයක් ඇති රවී චෞද්රි අමෙරිකානු ගුවන් හමුදාවේ බලශක්ති, ස්ථාපන සහ පරිසරය පිළිබඳ සහකාර ලේකම් ලෙස පත්වී තිබේ.
ඒ, අමෙරිකානු සෙනට් සභාවේ තීරණයකට අනුවය.
එම තනතුර සඳහා රවී චෞද්රිගේ නම යෝජනා වූ අවස්ථාවේදී සෙනට් සභාවේ පැවැති ඡන්ද විමසීමෙන් ඔහුට පක්ෂව ඡන්ද 65 හිමිවී ඇත.
ඔහුට විරුද්ධව හිමිව ඇති ඡන්ද සංඛ්‍යාව 29 කි.